ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් සමග (31) දින වතුකරයේ ජනතාව දිපවාලි සමරන ආකාරය පිලිබදව සොයාබැලිමේ සංචාරයක නියැලිණ.

හැටන් ඇරොල් වතුයායේ සහ දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ සංචාරයක නිරත වු සීලරතන හිමියන් එම ජනතාවගේ සුවදුක් සොයා බලා  එම පක්ෂයේ අපෙක්ෂකයන්ව වතු කම්කරුවන්ට හදුන්වාදිමට කටයුතු කෙරිණ.

මෙම සංචාරයේදි වතු කම්කරු ප්‍රජාව අමතමින් සීලරතන හිමියන් කියා සිටියේ මේ රටේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග එකට එකතු වි කටයුතු කල හැකි එකම පක්ෂය ජනසෙත පෙරමුණ බවයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here