සංචාරක දකුණු අප්රිකාව -බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 273කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 575ක් කඩුලු 06ක් දැවී ලබා සිටියදී තරගයේ සිය ඉනිම අත් හිටවීමටයි තීරණය කලා
බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිට ලකුණු 159කට සියල්ලන් ම දැවී ගියා.
ඉන් අනතුරුව බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹුව ද එය එතරම් සාර්ථක වුණේ නැහැ.
ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ලෙසට දකුණු අප්රිකාවෙන් බංග්ලාදේශය යළිත් ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 143ක් පමණි.
ඒ අනුව තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී සමස්ත තරගාවලියම ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වුණා.