කොල්ලුපිටිය දෙස සිට කොටුව දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් හා කොටුව දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (31)දින සවස අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර යතුරුපැදියේ රියදුරුගේ තත්ත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රීරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු සිට ඇති අතර යතුරුපැදියේ දෙදෙනෙක් ගමන් කර ඇති සඳහන් වන්නේ .
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .