දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට, මුලතිව්, කිලි නොච්චි, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here