අඹතැන්න ප්‍රදේශයේ පැල්පත් නිවසක් අසල භූමියක ගෙපොළක් කපමින් සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙක්ට අකුණු සැර වැදී තිබෙනවා.

මෙම අකුණු සැර වැදීම නිසා සහෝදරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර සහෝදරයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක්.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අකුණු සැර වැදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ 16 හැවිරිදි එම පවුලේ වැඩිමහල් සහෝදරයා බවයි.

ඔහු පස්සර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් බදුල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා මෙතෙක් පදිංචිව සිට ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන් සමග පැල්පත් නිවසක වන අතර නව නිවසක් ඉදිකිරීම සඳහා ගෙපොළක් කැපීමට උදව් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here