දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here