පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද(01)ට යෙදී තිබේ.

අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවලදී ඒ සඳහා පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණයේ  තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 7,38,000කට අධික බවද ඔහු ප්‍රකාශ කළේ ය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.

පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here