ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබේ.

56 හැවිරිදි වි‌‌යේ පසුවන ආචාර්ය හාන්ස් විජයසූරිය මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ පළමු වරට GSM තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකු ලෙස හඳුන්වා දිය හැකියි.

තව ද දකුණු ආසියාවේ පළමු වරට ශ්‍රී ලංකාවට 3G, 4G සහ 5G යන තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාව ලෝකය තුළ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තබන්නට විජයසූරිය මහතා කළ සේවාව ඉමහත් ය.

ඔහු ආසියාවේ දෙවන විශාලතම විදුලි සංදේශ සමාගම වන Axiata Group Bhd හි සමූහ විධායක උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර තිබේ.

මේ අතර, මෙරට ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම සන්නිවේදන සැපයුම්කරු වන Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායකවරයා ද විජයසූරිය මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here