අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දින දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනීමෙන් අනතුරුව සිසුන් 13 න් දෙනකු හදිසියේ රෝගිවී අරණායක දිසාරෝහල ට ඇතුළත් කර තිබෙනවා .

හදිසියේ රෝගිවීම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන සිසුවියන් 12 ක් හා එක් සිසුවකු බවයි සඳහන් වන්නේ .

සෑම සිකුරාදා දිනකම සිසුන් ගේ මව්පියන් විසින් නිවාස වලින් පිළියෙළ කරගෙන එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර, අද දිනයේ කඩල ලබාදී ඇතිඅතර ඉන් පසු සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම වමනය යෑම නිසා රෝහල් ගත කර ඇතිබවයි වාර්තා වන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here