ඉරානයේ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීමට සහය වන බව චීනය පවසයි.

ඊශ්‍රායලය, රටවල ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමට එරෙහි වන බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලී ජින් ප්‍රකාශ කළේ.

මැදපෙරදිග කලාපයේ ආතතීන් උත්සන්න වීම සහ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී චීන නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ය.

ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා ඊශ්‍රායලය නොසළකා හැර ඇතැයි ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here