දේශපාලන හිතවත්කම් මත, පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විදේශීය රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් වල කටයුතු කරන්නේ දේශපාලන හිතවත්කම් මත මෙසේ පත්වීම් ලැබූ අයයි.
තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට අමතරව, විදේශීය දූතමණ්ඩල සේවාවේ ඛණිෂ්ඨ නිලතල සදහාද දේශපාලන හිතවත්කම් මත කරන ලද පත් කිරීම් බොහෝ ප්‍රමාණයක් ඇති බව වාර්තා වන අතර, ඔවුන් සියළු දෙනාද යළි කැදවීමට නියමිත බව සඳහන්.