හිටපු අමාත්‍යවරයෙකුට අයත් බවට සැක කෙරෙන තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ ගරාජයක නවතා දමා තිබියදී නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අදාළ වාහනය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු අමාත්‍යවරයාගේ රියදුරකු විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම මෝටර් රථය ගරාජයට රැගෙන විත් තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වාහනය සොයා ගන්නා අවස්ථාවේදී එහි ලියාපදිංචි අංක තහඩු තිබී නොමැති අතර වැඩිදුර විමර්ශන සඳහා එය කොට්ටාව පොලිස් භාරයට යොමු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.