කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ඊයේ (01) ප.ව. 5 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිතර වුණා.
වර්ජනයේ නිරත වෛද්‍යවරු, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සමග අද (02) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත්, අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් එළැඹෙන සඳුදා යළි වර්ජනයක් ආරම්භ කරන බව වර්ජනයේ නිරත වෛද්‍යවරු පවසා තිබෙනවා.
කරාපිටිය රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්වූ අතර, ඒ හේතුවෙන් සායනික ප්‍රතිකාර සිදු වූයේ නැහැ.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබුණා.