මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට(03) නම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.
ලිපි බෙදීම සඳහා අනියුක්ත කර ඇති කාර්ය මණ්ඩලය 8000කි.
හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ඔවුන් ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ඇති.
නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙයි.
මහ මැතිවරණයට ලබන 14 වැනිදා පැවැත්වෙයි.