ජනතා විමුක්ති පෙරරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට පත්වූ උලපනේ ශාන්ත මේරි වතුයායට ඒ මහතා පුත් උවිඳු විජේවීර මහතා වසර 35කට පසුව ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබිණි. 

අපේ ජීවිතයේ සමහර නවාතැන් පොළවල් හරි පුදුමාකාරයි.
පුදුමාකාර හමුවීම් පුදුමාකාර සමුදීම්.

දෙවන පරපුර අපේ රැස්වීම් අතරතුර මහනුවරදි මම නැවතත් උලපනේට යනවා. අවුරුදු 35කට විතර කලින් මේ භූමියෙන් අදුරු රාත්‍රියක අම්මා මාවත් වඩාගෙන මල්ලිත් බඩේ තියාගෙන අක්කලගෙ අත් වලින් අල්ලගෙන මරණ බියත් එක්ක ආපු ඒ ගමන ……. අවුරුදු 35කට කලින් සමුදුන්න භූමියක්. (අඳුරු අතීතයකට මුහුණ දුන් දෙපාර්ශවයේම එවැනි අම්මලා දරුවන් සියලු දෙනා මේ මොහොතේ මතක් කරමි)

ජීවිතය හරි පුදුමාකාරයි

පාරෙ යනකොට මට පේනවා උලපනේ ශාන්ත මේරි වතුයාය වත්මන් තරුණ සේවාව සභාව.

එදා උලපනෙන් කදවුරට ආපු අම්මා තාමත් කඳවුරේ …. මම හිතනවා ඒ ගෙදරට මම ආපහු අඩිය තියෙනවද නැද්ද කියල, යුක්තියක් සාධාරණයක් ඉෂ්ටක වෙන්න ඕන දේවල් බොහෝමයක් තියනව, එහෙම දවසක් එනකම්.

අදට දුරින් සමුදෙනවා,

තාත්තා අපේ නෙත් මානයෙන් අවසන්වරට පිය මැන්න ඒ උලපනේ සාන්ත මේරි වත්තට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here