හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකු භාවිත කළ රජයේ නිල නිවාස භාරගැනීම තවදුරටත් අවසන්ව නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

අදාළ නිවාසවල පවතින ඇතැම් ගැටලු හේතුවෙන්, එම නිවාස භාරගැනීම් ප්‍රමාද වී ඇති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

පවතින ගැටලු කඩිනමින් නිරවුල් කරන්නැයි, ඔවුන්ට දැනුම් දී ඇත.

අමාත්‍යාංශය පවසන්නේ, ලබන සතිය තුළ භාරනොදුන් නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

එම අවස්ථාවල හිටපු අමාත්‍යවරයෙකු හෝ ඔහුගේ සමීපතමයින් අදාළ නිවසේ රැඳී සිටින බවට තහවුරු වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here