අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳවද ඉන් සොයා බැලෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here