දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතාගේ වසර 20 දේශපාලන දිවිය පිලිබදව සිංහල සහ දමිල බසින් කෘතියක් එළිදැක්විම (02) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි සිදු කෙරිණ.
පලනි දිගම්බරම් මහතා මධ්‍යම පළාත් සභාවේ වසර 06 ක කාලයක් සහ පාර්ලිමේන්තුවේ වසර 14 ක කාලයක් වතුකරය නියෝජනය කරමින් කටයුතු කල අතර, එම කාලය තුලදි වතුකරයේ ජනතාව වෙනුවෙන් කල සේවය සහ පාර්ලිමේන්තුවේදි ඔහු විසින් කල කථනයන්වල හැන්සාඩ් වාර්තා එක් කර ගනිමින් මෙම කෘතිය එලි දක්වා ඇත.
කෘතිය එලි දක්වමින් පලනි දිගම්බරම් කියා සිටියේ වතුකරය නියෝජනය කල පවුල් පැලැන්තියෙන් පැමිණි වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිතියක නායකයින් පලනි දිගම්බරම් දේශපාලනයට පැමිණ වතුකරයේ ජනතාව වෙනුවෙන් කුමක් කරන්නද යනුවෙන් හාසයට ලක් කල බවයි.
ගත වු වසර 20 ක කාලය තුල එම වෘත්තිය සමිතියට වඩා වතුකරයේ ජනතාව වෙනුවෙන් හඩක් නැගිම සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කල පුද්ගලයා තමන් බවයි.
යහපාලන රජය තුල දමිල ප්‍රගතිශිලි සන්ධානය එකට එක් වි වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම්, දිස්ත්‍රික් මට්ටමින් පරිපාලන ගැටළු ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කල බවයි.
ඉදිරියේදි වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කිරිම තම අපෙක්ෂාව බවත්, ඒ සදහා තමන්ට අවස්තාව ලබාදෙන ලෙසයි පලනි දිගම්බරම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
කෘතිය එලි දැක්විමේ අවස්තාවට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, එස්.උදයකුමාර් සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක රවුෆ් හකිම් මහතාද සහභාගි විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)