හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසා සිටියා.

එමෙන්ම අධිකරණ නියෝගයන්ට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද පසුගියදා තීරණය කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here