සේරුපිට අධිවේගී පාලම යට තියුණු ආයුධයකින් පහරදී පුද්ගලය මරුට පත්ව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මරණුවට පත් වී ඇත්තේ පුන්සිරි කුමාර කොස්තා ( 41 ) හැවිරිදි සේරුපිට, කොහොලාන, කළුතර දකුණ ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

පහර දුන් සැකකරු පිළිකා රෝගියෙකි.

බිරිද ද රෝගී තත්ත්වයෙන් සිටින බවත් තමන්ට අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයා මුදල් ඉල්ලා තර්ජනය කර ඇත.

සිද්ධිය වූ දිනයට පෙර දිනයේදී ද තර්ජනය කර මුදල් ලබාගෙන ඇත.

ඊයේ (02) තමා මාසික වේතනයද රැගෙන පැමිණෙමින් සිටියදී රාත්‍රී 7.00 ට පමණ අධිවේගී පාලම ආසන්නයේ ඇති මස් කඩයෙන් මස් රැගෙන නිවස වෙත ගමන් කරමින් සිටියදී අධිවේගී පාලම යට මාර්ගයේදී මියගිය පුද්ගලයා මුදල් ඉල්ලා තමා සමඟ පොර බදා ඇත.

එම අවස්ථාවේදී සැකකාර පුද්ගලයා ළඟ තිබු බුලත් විට කෑම සඳහා පුවක් කපා ගැනීමට පාවිච්චි කරන්න කුඩා පිහිය තමාගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ආසන්නයට ඒම වලකාලමින් ඒ මේ අත වනමින් සිටියදී පපු ප්‍රදේශයට ඇනීම සිදුවීම ඇත.

පහර කෑමට ලක්වූ පුද්ගලයා එම මොහොතේම බිම ඇද වැටී ඇත.

ආසන්නයේ වෙළඳසැලක පුද්ගලයෙකු විසින් ඔහුව පාරෙන් ඉවතට තබා ඇත.

පසුව 1990 හදිසි ගිලන් රථයට කතා කොට පැමිණ පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිට ඇත. පසුව කළුතර දකුණ පොලිසිය දැනුවත් කිරීමෙන් පැමිණෙනි නිලධාරින් තියුණු ආයුධයෙන් පහර දුන් සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සමග නිවසට ගොස් පහරදුන් ආයුධයද පොලිස් භාරයට ගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කර අතර ස්ථානීය පරීක්ෂණය කළුතර ක් අධිකරණයේ වැඩක බලන මහේස්ත්‍රාත් හිමාෂ මහතා විසින් සිදුකළ අතර සැකකාර පුද්ගලයා එම අවස්ථාවේදීම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක රුවන් විජය ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවයි.

අපරාධ පරීක්ෂණ නිලධාරින් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here