සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන ටෙස්ට් තරගයත් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කළ අතර ඉන්දියා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.

සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121ක් පමණි.

ඉන්දියාව තම නිජ බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වූයේ වසර 12කට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here