පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ මහනුවර මහයියාව වේවැල්පිටිය ක්රීඩාංගනයේදී ඊයේ (02) පැවති ජන රැලියකට එක්වෙමින් .
“අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්ය සේවක වැටුප් වැඩි කරනවා, අපි සැලසුම් කරල තියෙනවා පාසල් දරුවන්න්ට මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්න දීමනාවක් දෙන්න, දූෂිතයින් පිළිබඳ කවුරුවත් කරදර වෙන්න එපා. ඒ සඳහා දක්ෂ නිලධාරීන් අපි පත් කළා. ඔවුන් පරණ ෆයිල් ඔක්කොම දැන් අරගෙන විමර්ශනය කරනවා, ඉතා ඉක්මනින් ඒ ප්රශ්නය අදාළ ආයතන බලාගන්නවා”යැයි ජනාධිපතිවරයා කියා සිටියා.