පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාග කිරීම සදහා පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිළධාරියෙකුට (03) පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිළධාරියෙකු මෙසේ පහරකෑමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පහරදී සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන කඩුවද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය කීය.
පොලිසියට දුරකථන ඇමතුමක් අනුව ලද පැමිණිල්ලක් මත රථවාහන අංශ නිළධාරින් දෙදෙනකු පානදුර එළුවිල ප්‍රදේශයට ගොස් සිටියදී පහරකැමට ලක්ව ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය .
පහරකැමට ලක්වූ පොලිස් නිළධාරියා පානදුර මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පහරකෑමට ලක්වූ නිළධාරියාගේ ගෙල සහ වම් අතට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි
පානදුර ජේෂ්ඨ පොලිස් නිළධාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති .
(සම්පත් කුලරත්න – කළුතර )