ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවල තත්‍ය කාලීන ලැයිස්තුවේ පළමු ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නගරයට හිමිව තිබෙනවා.

පෙර නොවූ විරූ වායු දූෂණයක් හේතුවෙන් ලාහෝර් නගරයේ සියලුම ප්‍රාථමික පාසල් සතියකට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

වායු දූෂණය අවම කර ගැනීමේ අරමුණෙන් සඳුදා සිට කාර්යාල සේවකයින්ගෙන් 50% ක් නිවසේ සිට වැඩ කරනු ඇති.

එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ නිසි වායු විමෝචනයක් නැති බාබකියු වෙළෙන්දන් ද තහනම් කිරීමටයි පකිස්තාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ලාහෝරය පුරා පැතිර ඇති දුමාරය දරුවන්ට ඉතා හානිකර නිසා පාසල්වල මුහුණු ආවරණ අනිවාර්ය කර ඇති බවත් සඳහන්.

පකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් ඊයේ දිනයේදී දෙවන වරටත් දූෂිත වාතය සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වුණා.

IQAir හි දත්ත වලට අනුව, එහි වායු තත්ත්ව දර්ශකය සෙනසුරාදා 1,000 ඉක්මවා තිබූ බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එහි අගය ඒකක 300 ක් ලෙස සටහන් වීම භයානක තත්ත්වයක් බවයි.

සෞඛ්‍යයට වඩාත්ම හානිකරවන වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය මට්ටම ද අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස පකිස්තාන වායු තත්ත්වය පහළට ඇදදමන සාධකය ඉන්දීය දේශසීමාව හරහා පිදුරු සහ බෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමීමේ පුරුද්ද බවයි ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here