ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ (අල්මෝරා දිස්ත්‍රික්කයේ මාර්චුලා ප්‍රදේශයේ) බස් රථයක් පෙරලී යාමෙන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රියදුරුට බසය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ඒ අනුව බස් රථය මීටර් 60ක් පමණ ගැඹුරු හෙළකට පෙරළී ඇති අතර එම අවස්ථාවේදී එහි පුද්ගලයන් 42 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් විශේෂ ප්‍රතිකාර සඳහා ගුවන් මගින් රැගෙන යාමට කටයුතු කර ඇති බවත් සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, බස් රථය උත්තරකාන්ද් හි උතුරේ ගාර්වාල් දිස්ත්‍රික්කයේ සිට රාම්නගර් වෙත පැමිණෙමින් සිට ඇත.
අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ද සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ, අනතුරින් මියගිය අයගේ පවුල්වලට ආධාර වශයෙන් ඉන්දීය රුපියල් 200,000 ක් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 ක් ලබාදීමට කටයුතු කරන බවයි.
විදෙස් වාර්තාවන්ට අනුව මෙම අනතුර සිදුවූ ප්‍රදේශයේ අනතුරු බහුලව සිදුවන අතර ඊට හේතු වන්නේ අබලන් තත්ත්වයේ පවතින වාහන සහ මාර්ගවල දුර්වල නඩත්තුවයි.
එමෙන්ම නොසැලකිලිමත් රිය ධාවනය නිසාවෙන් ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු ප්‍රමාණය ගණනින් ඉහළ බව සඳහන්.