ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් යොදාගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජනාධිපතිවරයාගේ රුව යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රුපියල් 5000ක නෝට්ටුවක අන්තර්ජාලයට මුදා හැරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු ඊයේ (04) පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවයි.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් මතුව තිබුණා.
නව රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් බිලියනයක් අච්චු ගසා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුණත්, මහබැංකුව ප්‍රකාශ කළේ එම වාර්තා පදනම් විරහිත බවයි.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර ඇති බවට එල්ලවන චෝදනා සත්‍ය නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
can you get cheap cytotec tablets Ernest GmbDkOpZzDBKbVW 6 4 2022
Doscher M, Beutel BG, Lovy A, Alba B, Melone C buy priligy generic