හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here