වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට පවතින හදපානාගල පුබුදුවැව ගම ප්‍රදේශයේ දී පුත්‍රයා විසින් සිය මවගේ ඇගිලි තුනක් කොටයක් උඩ තබා වෙන් වෙන සේ කපා දමා තිබේ.
මවගේ ඇගිලි කපා දැමු මෙම පුත්‍රයා විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී ඇත.

මෙම ප්‍රහාරය සමග ඇගිලි වෙන් වූ මව සහ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව වැඩි දුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සහෝදරිය වැල්ලවාය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීම සිදු කල මෙම අංගුලිමාල පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පුබුදුවැව ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
පහරදීමට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

1 COMMENT

  1. Superficial dyspareunia may be due to PVD, atrophic vaginitis, congenital malformations, vulvar disorders such as lichen sclerosus or vulvar dystrophies, genital herpes simplex, postsurgical introital narrowing, radiation fibrosis, or recurrent tears of the posterior fourchette viagra priligy From top to bottom IГў

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here