හාලි ඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05) පස්වරුවේ සිට නායයෑමක් වර්ධනය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසනවා.
නායයාමේ තත්වය බරපතල විය හැකි බැවින් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ පදිකයින් ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වන්නැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලීමක් කරනවා.
මේ අතර, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර පවසන්නේ, මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Ümraniye süpürge filtre satın al Her seferinde kaliteli hizmet sunuyorlar. https://veengy.net/ustaelektrikci