සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන බවට බවට අදාළ පුද්ගලයා මුදලින් රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන ඇති බවට කරන පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (05) පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිවූ පෙදෙසේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here