වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
කඨින චීවර වන්දනා පිංකමකට සහභාගි වීමට මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කල කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ආනපල්ලම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හැටපහක කාන්තාවක් වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)