අද (07) දිනයේ පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට 50mm ක පමණ වැසි ඇතිවිය හැකි බව එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ය.

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 08කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන අද පස්වරුව දක්වා බලාත්මකයි

කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here