ලබන වසරට අවශ්‍ය, පාසල් හා පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ.

මේ මස අගවන විට එහි පළමු තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ය.

ඉතිරි තොගය ලබන මාසයේ ලැබෙනු ඇති.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82කි.

ඒ අනුව ඊළඟ පාසල් වාරය ආරම්භ වීමට පෙර නිසි වේලාවට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

අගමැති හරිනි අමරසූරිය විසින් නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාරගැනීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here