යාපනය දිස්ත්‍රීක් ප්‍රජාතන්ත්‍රවදී දමිල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු අපෙක්ෂිකාවක් ගමන්ගත් වෑන් රථයකට ඊයේ (06) කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහරයක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී දමිල ජාතික සන්ධානයේ මැතිවරණ මැතිවරණ අපේක්ෂිකාවක් වූ ශෂිකලා රවිරාජ් මහත්මිය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා වෑන් රථයෙන් ගමන් කරන අවස්ථාවේදී නිවසට ආසන්න මාර්ගයකදී අදාල ගල් ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය පැවසීය.
අදාල ගල් ප්‍රහරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ගල් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශෂිකලා රවිරාජ් මහත්මිය වෑන් රථයේ සිටයද කිසිදු හානියක් ඇයට සිදුවී නොමැත.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ඇගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ලවීමක් සම්බන්ධයෙන්ද පොලීසියට පැමිණිළි ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇතැයිද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංක)