අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද 07 දින සහ 08 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 1ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයද කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, දැරණියගල, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, අරණායක, රුවන්වැල්ල, ? දෙහිඕවිට සහ යටියන්තොට යන ප්‍රදේශවලටද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, රත්නපුර සහ කුරුවිට යන ප්‍රදේශයන් සඳහාද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (08) සවස 4.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here