මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු මනාප ගැනීම සදහා ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මුතුර් – තෝපුර් ප්‍රදේශයේ ඡන්දදයකයන්ගේ මනාපය ලබාගැනීම සදහා ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බව ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම්භාර නිලධාරී එස් සුදාහරන් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here