රජයන් 2ක් කෝටි 270ක සමස්ත ඇස්තමෙන්තු ගත වියදමෙන් ඉදි කිරමින් පැවති දැනට 60% ක පමණ වැඩ අවසම් කර ඇති නුවරඑළිය නගර මධ්‍යයේ සුවිසල් තෙමහල් ගොඩ නැගිල්ලක් ගිවිසුම් උල්ලංඝනය කිරීමේ කරුණ මුල් කර ගනිමින් නුවරඑළිය මහ අධිකරණයෙන් උක්ත ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කිරීමට , බාහිර පාර්ශ්වයන්ට ඇතුළු වීමට හා කඩ කාමර යතුරු භාරදීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් 07 දින නිකුත් කර ඇත.
නුවරඑළිය මධ්‍යම වෙළඳපොළ ගොඩනැගිල්ලේ වෙළඳසැල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් සඳහා නුවරඑළිය නව මධ්‍යම වෙළඳපොලේ ගොඩනැගිල්ලේ සුදුසු වෙළඳසැල් ලබා දීමේ අරමුණින් කඩ කාමර හිමියන් සහ වෙළෙඳ ව්‍යාපාරික හිමිකරුවන් සමග ගිවිසුම් ගත වී 2018 වසරේ එවකට රජයේ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් කටයුතු කළ පාටලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය ඉන් පසුව හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ හා හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මූලිකත්වයෙන් මුල්ගල් තබා වැඩ ආරම්භ කරන ලදී.
ඉන් අනතුරුව එම ගොඩනැගිල්ල සැලසුම් මුළුමනින්ම වෙනස්කොට දේශපාලකයන්ට හා රජයේ ආයතනය නිලධාරීන්ගේ වුවමනාව පරිද්දෙන් කඩ කාමරවල වර්ග අඩි ප්‍රමාණය අඩු වැඩි වශයෙන් වෙනස්කර ගිවිසුම් උල්ලංඝනය කරමින් කඩ කාමර වල ප්‍රමාණ වෙනස් කිරීමේ හේතුව මුල්කොට ගනිමින් නුවරඑළිය මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වග උත්තරකරුවන් කරමින් පෙත්සම්කරුවන් අට (08) දෙනකු විසින් 2024.10.29 වන දින අංක HC/NE/Writ/06/2024 දරණ නඩුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ ගොනුකරන තිබුණ.
එම නඩුවට අදාළව පෙත්සම් කාර පාර්ශවය හා වග උත්තරකාර පාර්ශ්වයන් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් පසුව නුවරඑළිය පළාත්බද මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් උක්ත නඩුව සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් (08) දින ලබා දෙන ලදී.
ඒ අනුව මෙකී පෙත්සමේ සඳහන් ප්‍රශ්නගත ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කිරීම , වෙළඳ කුටිවල යතුරු භාර දීම , කිසිදු බාහිර පාර්ශවයකට බිම් මහලේ පිහිටි ගොඩනැගිලිවල භුක්තිය බැහැර කිරීම වාරණය කරමින් වග උත්තරකරුවන්ට එරෙහි අතුරු නියෝගයක් ඉදිරි දින දක්වා නිකුත් කරන ලදී.
එලෙස අතුරු තහනම් නියෝගයක් ලබා දුන් ගොඩනැගිල්ලේ රන් ආභර ඇදුම් පැලදුම් ඇතුලු කඩ සාප්පු හා ෆාමසි එකතුව කඩ කාමර 30ක් , එළවලු මස් මාලු වෙළඳසැල් 40 ක් , සුපිරි වෙළඳසැලක් , සුවපහසු රැස්වීම් ශාලාවක් , කායවර්ධන මධ්‍යස්ථානයක් , නව කඩ කාමර වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක් හා රජයේ ආයතන වලට සම්බන්ධ කාර්යාල රැසක් ද ඇතුලත්.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නිමල්කා ප්‍රබෝධනී ද සිල්වා මෙනෙවියගේ උපදෙස් මත නීතිඥ තිසුල විජේසේකර සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උචිත එස් බණ්ඩාර යන මහත්වරුන් පෙනී සිට ඇති අතර වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේෂ් ගයාන් මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිට ඇත .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)