2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් මිලියන 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ.

එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදාවලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවිනි.

තවද මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතය.

එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීමද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here