අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතන උත්සාහය සඳහා “සැලැස්මක් සැපයීම” යන චෝදනාව යටතේ ඔහුට අධිචෝදනා ගොනු කර ඇති බවයි.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.
අමෙරිකානු රජය පැවසුවේ ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි.
පසුගිය දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කිරීමේ සිද්ධි දෙකක් සිදුව තිබුණි.
පසුගිය ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර තුවක්කුකරුවෙකු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළේ ය.
සැප්තැම්බර් මාසයේදී ද ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට සැකකරුවෙකු උත්සාහ කර තිබූ අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.