අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තියක් ඉදිරි දින කිහිපයේ දී ජනතාවට දැන ගැනීමට ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දඹුල්ලේ දී හෙළි කළා.
චන්ඩි දේශපාලනය නිමා කොට දියුණු දේශපාලනයක් නිර්මාණය කළ බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත්වුණේ.
මහමැතිවරණයට තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වු මෙම ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා.
Thanks for helping out, excellent info .