ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්ථීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මීට අදාළව ඇමෙරිකාවේදී පැවති සාකච්ඡාවල තවත් පියවරක් ලෙසයි මෙම හමුව සිදුවන්නේ.

මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here