ඊයේ දින විසිකුලිය මාර්ග බාධකයේදී රාජකාරී කරමින් සිටියදී ලොරි රථ රියදුරකුගෙන් අදාළ වාහන පන්තියට බලපත්‍රය නොමැති බව පවසමින් රියැදුරුට දිවා ආහාරය සඳහා ආයතනයෙන් ලබා දී තිබුණු රුපියල් දෙදහක මුදලින් 1500ක් ලබාගත් සාජන්වරුන් දෙදෙනා ලබන දොළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළා.
තවද 12 වැනි දින ඔවුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.
මොවුන් දෙදෙනා කොබෙයිගනේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ සාජන්වරුන් දෙදෙනෙකි.
වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාල ආයතනය හිමිකරු මෙම සිද්ධිය සැලකිරීමෙන් පසු නිකවැරැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහාම එම ස්ථානයට යවා ක්ෂණිකව ක්‍රියාත්මක වීමෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මොවුන් දෙදෙනා අද දින සිට පොලිස් සේවයෙන් ඉවත් කරන ලද බව වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටිනවා.