හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස වලින් 27 ක් යළි රජයට පවරා ගෙන තිබේ.

තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ.

ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රැඳී සිටි නිල නිවසයි.

එම නිවසට අදාළව ගෙවිය යුතු කුලී ගාස්තු අඩුපාඩුවක් මත නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ, එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවස ද, රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here