මාතලේ – ලග්ගල කළුගඟ හත්තොටඅමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකට රාත්‍රීයේ ඇතුළු වු නාඳුනන පිරිසක් නිවැසියන් බිය ගන්වා එම නිවසේ තිබූ මැණික් ගල් කිහිපයක්, රන් ආභරණ, මුදල් සහ සුඛෝපභෝගී කාර් රථයක් පැහැරගෙන ගොස් තිබෙනවා.
ඒවායේ වටිනාකම කෝටි 7කට ආසන්න වන බව සඳහන්.
එම කොල්ල කල්ලිය මුහුණු ආවරණය කොට ආයුධ අතැතිව අදාළ නිවසට ඇතුළු වී තිබෙනවා.
ඊයේ (10) රාත්‍රී 9.00ට පමණ නිවසට ඇතුළු කොල්ලකරුවන් ආයුධ පෙන්වා නිවැසියන් බියකර නිවැසියන්ගේ අත්පා බැඳ කාමරවල සිරකර මෙලෙස දේපළ කොල්ල කා පළාගොස් ඇති බවටයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
කොල්ලකරුවන් පැහැර ගත් බව කියන මැණික් ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් තිබියදී අද (11) ගලේවෙල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.