වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් ට පොපොලිස් නිලධාරීන් දෙනෙකු විසින් පහර දෙන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස රූගත කර තිබේ.
මෙම පාසල් සිසුවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට පොලිස් නිලධාරීන් ඔහුව නවතා බලපත්‍ර පරික්ෂා කර ඇත.
එම බලපත්‍ර රැගෙන ඒමට නොහැකි වූ බවත් නිවසට ගොස් යලි බලපත්‍ර රැගෙන විත් පොලිස් නිලධාරීන්ට පෙන්වීමට හැකි බවත් එම සිසුවා පොලිස් නිලධාරීන් ට පවසා තිබේ.
එම අවඅවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම ශිෂ්‍යයා හට අත් විලංගු දමා පහරදීමට උත්සාහ දරා ඇති අතර මෙම සිදුවීම දුටු ප්‍රදේශවාසින් මෙයට දැඩි ලෙස විරෝධය පල කර ඇත.
එලෙස විරෝධය පල කිරීමත් සමග පොලිස් නිලධාරීන් පාසල් සිසුවා අතහැර ගොස් ඇති අතර මෙම පහරදීත් සමග පාසල් සිසුවා ප්‍රතිකාර සදහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළු වී තිබේ.
එම සිසුවා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වැල්ලවාය කලාපයේ පාසලක දහතුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)