චැනල් 4 නාලිකාවේ වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව වාර්තා වැඩසටහනක් විකාශය කෙරුණ අතර එහි අසාද් මවුලානා නැමැත්තා ඇතුළත් වාර්තා චිත්‍රපටය ආන්දෝලනාත්මක පුවතක් වුණා.
එම සිද්ධිය සම්බන්ධයෙනුයි රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන්නේ.