නොවැම්බර් 14 වනදාට යෙදෙන මහ මැතිවරණය සඳහා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබෙනවා.
මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා වර්ග දෙකක් ඇති බව සඳහන්.
පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා තනි තීරුවේ ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර තිබෙනවා.

ඉතිරි මැතිවරණ කොට්ඨාස 19 සඳහා පේළී දෙකක් තිබෙන ඡන්ද පත්‍රිකාවක් භාවිතා කරනු ලබනවා.

ඡන්ද සලකුණු කරන අවස්ථාවේ දී පළමුවෙන්ම සිදු කළ යුත්තේ තමන් කැමති පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ තිබෙන සලකුණ ඉදිරියේ තිබෙන කොටුවේ කතිර සලකුණක් යෙදීමයි. එම කතිර සලකුණ අත්‍යාවශ්‍ය වනවා.
තමන් කැමති පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය ප්‍රකාශ කර නොමැතිනම් ඡන්ද පත්‍රිකාව සම්පූර්ණයෙන්ම අවලංගු වනවා.

ඉන් අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයි තුන් දෙනෙකුට සිය මනාපය පළ කළ හැකියි.
මනාප ලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවේ පහළ කොටස සකස් කර තිබෙනවා. එම ස්ථානයේ ඒ අදාළ දිස්ත්‍රික්කයට අදාළ වන අපේක්ෂකයින් සංඛ්‍යාවට සමාන වන ඉලක්කම් තිබෙනවා. ඒ ඉලක්කම් වලින් හැඳින්වෙන්නේ අපේක්ෂකයාට වෙන් කර තිබෙන මනාප අංකය.

පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය ලබා දුනහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු වනවා.
අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි ගණනකට මනාප ලකුණු කළ හොත් එම මනාප අවලංගු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එක එක් මැතිවරණ කොට්ඨාසයට අදාල ඡන්ද පත්‍රිකාවේ ආදර්ශය සෑම ගෘහයකටම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සමග ලබා දෙන අපේක්ෂක ලැයිස්තුවේ මුද්‍රණය කර තිබෙනවා
I’m really enjoying the design and layout of your website. It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a designer to create your theme? Great work!