ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා Neil McKenzieගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 27 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා පෙර සූදානමක් ලෙස පුහුණු කඳවුරකට එක්වීම සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ධනංජය ද සිල්වා ,දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,ළහිරු කුමාර,ප්‍රභාත් ජයසූරිය,නිශාන් පීරිස්,මිලාන් රත්නායක,කසුන් රාජිත,ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් එලෙස පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නොවැම්බර් 13 සිට 21 දක්වා කාලය තුළ Neil McKenzieගේ සහාය සහ උපදේශකත්වය සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here