අනුරාධපුර ප්රදේශයේදී බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් අද (12) අළුයම් කාලයේදී උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර තිබෙන්නේ 40 හැවිරිදි වෙන්නප්පුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.