සත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.

ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙන්ම නවසීලන්තයේ ලොකී ෆර්ගසන් ද මෙම තරගාවලියට එක්වන්නේ නැත.

ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ ඇඩම් මිල්න් සංචිතවලට කැඳවා ඇත.

මෙම තරගාවලිය එක්දින ක්‍රිකට් තරග 3කින් සමන්විතයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතය.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here